ගල්වලට සිරවූ දුම්රිය එන්ජම උස්සයි


(ප්‍රසාද් රුක්මල්)

ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී මහා කළුගල් කට්ටිවලට සිරවූ   බදුල්ල - කොළඹ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම අද (20) පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ දොබකරයක ආධාරයෙන් උස්සා දුම්රිය රේල්පීලි මත තැබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය එන්ජිම එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට දැනට කටයුතු සිදු කරන බවත් , දුම්රිය මාර්ගය තවම පිළිසකර කර නොමැති නිසාවෙන් බදුල්ල කොළඹ - කොටුව තැපැල් දුම්රියන් දෙක අද (20) දිනයෙත් ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

බදුල්ල නානුඔය අතර දෙවන දිනටත් අද (20) කිසිදු දුම්රියක් ධාවනය නොවුනු බවත් බදුල්ල බණ්ඩාරවෙල අතර අංක 1232 කැලිප්සෝ සංචාරක දුම්රිය පමණක් ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීය.